දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත.

වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය හැකි බවට විද්‍යාඥයින් අනතුරුඅඟවයි.පෘථිවියේ ගැඹුරුතම ස්ථානය වන මරියානා ආගාධයමුහුදු මට්ටමේ සිට 11 km ක් පමණ ගැඹුරින් පිහිටා ඇතිඅතර, එම කලාපයේ පවා ප්ලාස්ටික් අපද්‍රව්‍ය හඳුනාගෙනතිබීමෙන්,  පෘථිවි පරිසර පද්ධතිවලට කරන බලපෑම මනාවවිෂද වේ. ජලජ ප්ලවාංග මගින් සාගර ජලයේ ඇතිකාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා අතර, සාගරජලයට ප්ලාස්ටික් එක් වීම නිසා එම ක්‍රියාවලිය ඇනහිටී. මේහේතුවෙන් සාගර ජලයේ දිය වී ඇති කාබන්ඩයොක්සයිඩ්ප්‍රමාණය ඉහළ ගොස් සාගර ආම්ලිකතාවයට පත් වන අතර,කාබනේට් කවච දරණ ජලජ ජීවීන් වඳ වී යාමේ තර්ජනයකටගොඳුරු වේ.

අනෙක් අතට, ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ෆොසිල ඉන්ධනයොදා ගැනෙන අතර, මේ හේතුවෙන් පරිවර්තී ගෝලය තුළපවතින ඕසෝන් (Tropospheric ozone) ඇතුළු හරිතාගාරවායු ප්‍රතිශතය ඉහළ යාමක් සිදු වේ. දේශගුණික විපර්යාසවලප්‍රතිඵලයක් වශයෙන්  පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන අතර,සූර්‍ය්යාලෝකය ප්ලාස්ටික් මත පතිත වීමෙන් මීතේන් හා එතිලීන්යන හරිතාගාර වායු, වායු ගෝලයට නිදහස් වීමේ ප්‍රතිලයක්වශයෙන් දේශගුණික විපර්යාස ඇති වීමේ ශ්‍රීඝ්‍රතාව ඉහළදැමීමක් අපේක්ෂා කළ හැකිය.

දේශගුණ විපර්යාස අවම කිරීම පිණිස ප්ලාස්ටික් භාවිතයඅවම කිරීමට වත්මන් පරපුර දැනුවත් කළ යුතු අතර, මේ නිසාදේශගුණ විපර්යාස හා ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය යනකරුණු ද්විත්වය වෙන් වූ සාධක ලෙස නොතැකිය යුතු . මෙමසාධක ද්විත්වය එකිනෙකට සම්බන්ධ වූ ගැටළු වේ. IPCCවාර්තාවන්ට අනුව, ප්ලාස්ටික් පරිසරයට බැහැර කිරීමහේතුවෙන් හරිතාගාර වායු ටොන් මිලියන 850 ක් පමණපරිසරයට එක් වන අතර, 2050 වර්ෂය වන විට එම ප්‍රමාණයබිලියන 2.8 ක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරුඅඟවයි. වායු ගෝලීය හරිතාගාර වායු ප්‍රතිශතය ඉහළ යෑමෙන්පෘථිවියෙන් පිට කරන තාප ශක්තිය පිටවිය නොහැකිආකාරයට ආවරණයක් නිර්මාණය කරමින් ගෝලීය උෂ්ණත්වයඉහළ යෑමේ දැඩි තර්ජනයකට වර්තමාන ලෝකයට මුහුණදීමට සිදු වී ඇත. මේ අනුව දේශගුණ විපර්යාසවලට පිළියම්සොයනු වස්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝසම්පූර්ණයෙන් නැවත්වීමට හැකි සෑම විට කටයුතු කිරීමගෝලීය ප්‍රජාවගේ වගකීමකි. භාවිතයෙන් පසු ප්ලාස්ටික් ගිනිතබා විනාශ කිරීම වෙනුවට එය ප්‍රතිචක්‍රීකරණය කර නැවතභාවිතයට ගැනීම සඳහා පූර්ණ විසඳුමක් නොවනු ඇත. මක්නිසා යත්, ප්‍රතිචක්‍රීකරණය කිරීම වුව යම් යම් සීමාවන්ටයටත් වන බැවින් . මේ නිසා ප්ලාස්ටික් වෙනුවට විකල්පපරිසර හිතකාමී ආදේශක සඳහා අනුගත වීම සාර්ථකපිළියමක් වනු ඇත. කඩදාසි ඇසුරුම් හෝ වීදුරුඋපකරණවලට ජනතාව පෙළඹවීම සඳහා කටයුතු කිරීමටත්, ප්ලාස්ටික් ඇසුරුම්වලින් ඉවත් වීමට අවශ්‍ය ප්‍රතිපත්ති රජයවිසින් සම්පාදනය කර ඒවා බලාත්මක කිරීමටත් කටයුතු කළයුතු . මේ මගින් වායු ගෝලයට ඒකරාශීවන හරිතාගාර වායුප්‍රමාණය අවම කිරීමටත්, සාගරික පරිසර පද්ධතිය තර්ජනයටලක් වීම වැළක්වීමටත් හැකි බැවින් ප්ලාස්ටික් භාවිතයෙන්තොර සමාජයක් නිර්මාණය කිරීම, ගෝලීය දේශගුණිකවිපර්යාස ඇති වීමේ සංඛ්‍යාතය හා එහි තීව්‍රතාවය අවම කිරීමඋදෙසා තිරසාර පිළියමක්‌ වනු නොඅනුමාන ය.

ජේ.එම්. ජයනි නිපුනිකා

ශාස්ත්‍ර පීඨය – දෙවන වසර

පේරාදෙණිය විශ්වවිද්‍යාලය