ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කිරීමේ දැවැන්ත අර්බුදයක් අද ලෝකය හමුවේ පවතී. ‘ප්ලාස්ටික්’ යනුවෙන් අප හඳුන්වන මෙම නිෂ්පාදනයන් වෙනුවෙන් යොදා ගන්නා ‘පොලිමර්’, ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේ දී අපට අවශ්‍ය ලෙසින් සකස් කර ගැනීමේ පහසුව තිබේ. එමෙන්ම මේවා ඕනෑම හැඩයකින් නිෂ්පාදනය කිරීමේ පහසුව ,සැහැල්ලුව ,මිල සහ නම්‍යශීලීත්වය නිසා ප්ලාස්ටික් වෙනුවෙන් ඇති ගෝලීය ඉල්ලුමක් ගොඩනැඟී ඇත.
එහෙත් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිරාපත් වීමට ආසන්න වශයෙන් වසර සියයක් පමණ ගතවේ යැයි අධ්‍යයන මගින් සොයාගෙන ඇත. වසර 2050 පමණ වන විට වර්තමානයේ පවතින ප්ලාස්ටික් ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් ලෝකයේ ප්ලාස්ටික් නිෂ්පාදනය සිදුවේ යැයි ඇස්තමේන්තු ගත කොට ඇත. එලෙසම මෙම ප්ලාස්ටික් ශාක , සත්ව ආදී සියල්ලන්ට ම මහත් වූ පිළිලයක් සේ ක්‍රියා කරයි.
මෙම ප්ලාස්ටික් ව්‍යසනයට විකල්ප විසඳුම් සොයන යුගයක ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් විප්ලවීය වෙනසක් කල හැකි කෘමී කීට විශේෂයක් මේ වන විට විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත. ඔවුන් ප්ලාස්ටික් රසයට බොහෝ සෙයින් ප්‍රියතාවයක් දක්වන නිසා පොලිස්ටයිරින් ආහාරයට ගැනීමට දැඩි කැමැත්තක් දක්වයි. ‘Zophobas morio – Superworms’ නමින් හැඳින්වෙන මෙම පණු විශේෂයන්ගේ බඩවැලෙහි ඇති එන්සයිම හා බැක්ටීරියා නිසා ප්ලාස්ටික් ඉතා පහසුවෙන් ජීර්ණය වේ.
Zophobas morio පණුවා සහ පොලිස්ටරීන් ජීර්ණය අතර පවත්නා සහසම්බන්ධතාවය පිළිබඳව ක්වින්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සති තුනක් පුරා අධ්‍යයනයක් සිදු කර ඇත. ඔවුන් මෙම සුපිරි පණුවන් කණ්ඩායම් තුනකට බෙදා විවිධ ආහාර ලබා දී ඇත.ඒ අතර පොලිස්ටරින් ආහාරයට ගත් පණුවන්ගේ ශරීර බර සති තුන ඇතුළත ඉහළ ගොස් ඇත. පණුවාගේ බඩවැලෙහි ඇති එන්සයිම තුළ පොලිස්ටයිරින් සහ ස්ටයිරියන් හායනය කිරීමේ හැකියාවක් ඇති බව මෙම කණ්ඩායම විසින් හඳුනා ගන්නා ලදී.
Zophobas morio පණු විශේෂයේ ගහනය සුලබ කිරීම පහසුවෙන් සිදුකිරීමට නොහැක. පණුවන් යොදාගෙන ප්‍රතිචක්‍රීකරණය සිදුකිරීමට නම් සාමාන්‍ය ග්‍රහණයට වඩා දෙගුණයකින් පණුවන් අවශ්‍ය බව පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. මෙම පණුවන්ට අමතරව ප්ලාස්ටික් ආහාරයට ගන්නා කුරුමිණි කීටයන්ද සිටින බවට ආචාර්ය ක්‍රිස් රින්කේ ‘Microbial Genomics’ නම් අධ්‍යයන වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර ඇත.
අනාගතයේ දී විද්‍යාඥයින්ට අවශ්‍ය වී ඇත්තේ රසායනාගාරවල මෙම පණුවන්ගේ බඩවැල්වල ඇති බැක්ටීරියා වර්ධනය කර විවිධ වර්ගයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බිඳ දැමිය හැකි ආකාරය පරීක්ෂා කිරීමටයි.
මෙම ක්වින්ලන්ත පර්යේෂණය හා සම්බන්ධ නොවූ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාල පර්යේෂකයකු වන ‘කොලින් ජැක්සන්’ විසින් මෙම Zophobas morio යන පණුවන් පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පණුවන්ගේ බඩවැල්වල ඇති බැක්ටීරියා විසින් ප්ලාස්ටික් අණුක මට්ටමින් ජීර්ණය කරන්නෙ කෙසේද යන්න පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට මොහු සමත් විය.
අනාගත ලෝකයට සුනාමියක් බඳු ව්‍යසනයකට මග පාදන මෙම ප්ලාස්ටික් නම් දරුණු රකුසාව පරාජය කොට හරිතවත් පරිසරයක් ගොඩ නැඟීම උදෙසා ස්වාභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන මෙම ‘Zophobas morio’පණු විශේෂය අමිල සම්පතක් බවට වර්තමාන වන විට පරිවර්තනය වෙමින් පවතී.මොවුන් සොබාදහම් මාතාව තමාව ම ආරක්ෂා කර ගැනීම උදෙසා නිර්මාණය කරන ලද පලිහක් බඳු ජිවීන් කොට්ටාසයක් ලෙස ද හැඳින්විය හැක.
Article By – Nadeesha Mayomi
මූලාශ්‍ර :
2022 ජූනි 19 දිවයින ඉරිදා සංග්‍රහයේ විදෙස් පුවත් අතිරේකය.
Microbial Genomics වාර්තාව
Pantners Universal International Research Journal ( PUIRJ ) Volume 01, issue 04 October – December 2022
”Superworms Capable of munching through plastic waste .” UQ News 10 June 2022