වත්මනේ ඇසූ ඇසූ පුවතින් බැලූ බැලූ දසුනින් ඇසෙන දකින පාරිසරික හා සමාජ පැනයක් බවට ප්ලිස්ටික් අපද්රව්ය පත්ව තිබේ. ග්රාමීය සරල ජන ජීවිත ගමේ දමා නගරයට පිවිසෙන නාගරික තදබදය වැඩි වීම මේ ගැටළුව උත්සන්න වීමට බලපෑවේ යැයි අමුතුවෙන් කිව යුතු නැත. මානව සංහතියේ පමණක් නොව ගහකොළ සතාසීපාවන්ගේ පවා පැවැත්ම තීරණය කිරීමෙහි ලා මෙම සාධකය තීරණාත්මක අයුරින් බලපෑම් කරයි. වසරක් පාසා ටොන් ගණනින් ලංකාව ආක්රමණය කරන ප්ලාස්ටික් අපද්රව්ය රකුසා හමුවේ මිහිකත මිලිනව යාම වත්මනේ බරපතල ඛේදවාචකයක් බවට පත් වී හමාරය. මෙකී පැනයට විසදුම් සොයා යන ගමනේ අත නෙත ගැටුණු විධිමත් සැලසුම් අතර පරිසර අමාත්යංශයේ ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණ දස අවුරුදු ජාතික සැලැස්ම කාගේත් කතාබහට ලක් විය.
ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණය උදෙසා පුරෝගාමී මෙහෙවරක නිරත වන පරිසර අමාත්යංශයේ මහගු කර්තව්යයක් වන මෙය ලංකාවේ අනාගතය උදෙසා ලබා දෙන පිටුබලය පමණ කළ නොහැකි ය. අවිධිමත් ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම වෙනුවට විධිමත් වැඩපිළිවෙලක් ඉදිරි දස වසර තුළ ඇති කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ක්රියාන්විතය ගොඩනැගීම සතුටට කරුණකි. භාවිතය අඩු කිරීම, නැවත භවිතය හා ප්රතිචක්රීකරනය යන කසල කළමනාකරණ පියවර තුන නැතහොත් 3R සංකල්පය රට පුරා ප්රචලිත කරමින් පරිසර මාතාව අපද්රව්ය වලින් තොර සුපිරිසිදු භූමියක් බවට පත් කිරීම මෙහි ඒකායන අරමුණ විය. දෛනිකව අප රටේ බැහැර කරන අපද්රව්යවලින් විශාල ප්රමාණයක් පරිසරයට මුදා හැරීම මත දූෂණය වන පරිසර මාතාව සුරැකීම තිරසාර සංවර්ධනයේ දොරගුළු විවර කිරීමට හේතු වේ.
ඇසිල්ලක් ඇසිල්ලක් පාසා ප්ලාස්ටික් අපද්රව්යවල ගොදුරු බවට පත් වන ලංකාව ඉන් මුදවා ගැනීමට එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන, IETC – Technology For Environment, Environment Strategies පරිසර අමාත්යංශය යන ආයතන මෙම ක්රියාන්විතයට අනුග්රහකත්වය දැක්වීම ආඩම්බරයට කරුණකි. ඝන අපද්රව්ය සම්බන්ධ මූලික නිෂ්පාදන සීමා කිරීමට හැකි නම් මෙයින් සිදු වන බලපෑම යම් තරමකට හෝ අවම කර ගැනීමට හැකි බව විද්වත් මතවාදයයි. එවිට ප්ලාස්ටික් වලින් තොර රටක ප්රභාව දැකිය හැකි ය.
ඩී.බී.එච්.ජී. සම්පත්
කැලණිය විශ්වවිද්යාලය